YouTube චැනල් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද? මොකක්ද මේ මාස 12 කතාව?



YouTube චැනල් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද? මොකක්ද මේ මාස 12 කතාව?


YouTube monetization apply කරන්න නම් ඔයාට subscribe 1000 ක් වගේම Watch time 4000 ක් මාස 12ක් ඇතුලත ගන්න ඕනි. 
මොකක්ද මේ මාස 12 කතාව? ගොඩක් අයට තියෙන ප්‍රශ්ණේ තමයි මේක.
අංක 1 තමයි ඔයා චැනල් එක හැදුවේ කවද්ද කියන එක අදාලම නෑ.
අංක 2 තමයි ඔයා monetization apply කරන දවසෙ ඉදන් ඊට කලින් මාස 12ක් ඇතුලත අර කියන requirement සම්පූර්ණ කරන්න ඕනි.
අංක 3, මාස 12 ඇතුලත සම්පූර්ණ කරගන්න බැරි උනොත් ආයෙම මාස 12ක් ඒ කියන්නෙ අව්රුදු 2ක් ඉන්න ඕනිද?
නෑ. ඒ කතාව බොරුවක්. මං මේක ගානකින්ම කියලා දෙන්නම්.
අපි හිතමු ,
මුල් මාස 4 දී ඔයාට ගන්න පුලුවන් උනේ subscribe 100යි watch hours 500යි.
ඊට පස්සෙ මාස 5දී subscribe 500ක් watch hours 2000ක් ගන්න පුලුවන් උනා.
ඊට පස්සෙ මාස 3 දී subscribe 200ක් watch hours 1000ක් ගන්න පුලුවන් උනා.
මේ වෙද්දි මාස 12ක් ගිහින්. ඒත් ඔයාගෙ චැනල් එකට තියෙන්නෙ subscribe 800 ක් වගේම watch hours 3100යි. ඒ කියන්නෙ ඔයාට monetization apply කරන්න බෑ requirement complete නැති නිසා.
හරි,
ඊලග මාස 3දී ඔයා subscribe 400ක් වගේම watch hours 1000ක් ගන්නවා. දැන් පහුගිය මාස 11 (ඒ කියන්නෙ මුල් මාස 4 හැර) ගත්තොත් ඔයාට subscribe 1100ක් වගේම 4000ක් අරං. අන්න දැන් ඔයාට monetization apply කරන්න පුලුවන් මොකද ඔයා මාස 12ක් ඇතුලත අර කියන requirement සම්පූර්ණ කරලා.
ඔන්න ඕක තමයි YouTube monetization apply කිරීමේ සම්පූර්ණ කතාව!

Comments